2017-11-28

ආදරණිය දෙවනි ගෑණිට

එයා  කොච්චරවත් කියුවා තමා
මං එයාට වැඩිය ඔයාට ආදරෙයි කියලා
සමහර වෙලාවට ඒක ඇත්ත තමා
දැං නං එයා එහෙම කියන්නේත් නැ
එයා ගැන වත් ඔයා ගැනවත්
එහෙමට වද වෙන්නේ නැති හන්දා
එයා එක්ක නං මේ ගැන කතා කලා
ඔයා එක්ක බැරි උනානේ
එයා නං කමක් නැ කියුවා
ආයේ මං එනකං බලාගන
පැටවු දෙන්නා එක්ක ඉන්නං කියුවා
එයත් නැතුව ඔයත් නැතුව ඉන්න එක
මට තමා අප්පා  අමාරු
ඒත් ඉතින් එයා තරහ උනත්
ඔයා මා එක්ක තරහ වෙන්නේ
නෑ කියල මං දන්නවා
ඔයාට දෙන්න තෑගී කෙටුම්පත්
මල්ල පුරවලා තියනවා
කවදා හරි දවසක් එයි
ඔයයි මමයි එයයි
එකට පවුල් කන
කොහෙද  ඉතින්
මේ දෙයියන්ගේ මල්ලි
එක්ක බෑනේ
අපේ තුන්කොන් ආදරේට
හරස් කපන්නේ

සල්ලි


පලි///   වරදක් කලත් සිතකින් නොවෙයි



ගුවන් විදුලි මැදිරියක හරි රූපවාහිනි මැදිරියක හරි  කියාපු සින්දුවක් අහනකොට  බලනකොට  තියෙන්නේ  වෙනම ආතල් එකක් .... කැසට් කෑල්ලක් , සී  ඩී  එකක්  ... පෙන් එකකට  බාගන  අහන කොට  තව එකක් .............  ඕපන්  ෂෝ එකක්  ඉදගන සින්දු  කියන කොට නං  හෙන  ගොං  ආතල් බංලා  .... බලහං   අර ලීඩ්  ගහන කොල්ලා  දණ නමලා  බොක්කෙං  ගහන එකටත් ණයයි.

18 comments:

  1. Mekata hariyanne 'Samakoni Trikonayaki' ban.

    ReplyDelete
  2. අදනේ දන්නේ අටං අයියා බැඳලා කියලා...!

    ReplyDelete
  3. එල.ඇති යන්තම් අටමාට ලියන්න මතක් වෙලා

    ReplyDelete
  4. හොර ගෑනි ගැන හරි කමක් නෑ ලියනවනම්.

    ReplyDelete
  5. කවදා හරි දවසක් එයි
    ඔයයි මමයි එයයි
    එකට පවුල් කන

    අම්මට හුඩු අටමා පට්ට ත්‍රිසම් පාරක් දාන්නවගේ සෙට්වෙන්නෙ. සමරිසි වලට වඩා එක ආතල් ඇති

    ReplyDelete
  6. පළවෙනියා හොද නැති නිසාද දෙවෙනියෙක් ගත්තේ? නඩත්තු කරන්න පුළුවනි නම් අපට මොකද??

    ReplyDelete
  7. ම්හු, මේ ප්‍රහේළිකා කොහොම තේරුම් ගන්නද මන්ද...

    ReplyDelete
  8. අන්න තේරුනා. සල්ලිද වටින්නේ ගෑණුද. සල්ලි තියෙන ගෑණු. නැද්ද මම අහන්නේ

    ReplyDelete
  9. උඹ සිංගල් නේද ?

    ReplyDelete
  10. මොකක්ද දැන් කියන්නේ
    විචාරක දියණිය

    ReplyDelete
  11. හනේ මන්ද බං උබ මේ ලියන දේවල් කියවල මටත් කසාද බඳින්න බය හිතෙනව. ඒ ඒක නෙමෙයි. ගොඩක් සල්ලි ඕනද බං ගෑනු දෙන්නෙක්ව මේන්ටේන් කරන්න ඈ..??

    ReplyDelete
  12. මට මාගේ ඇස් දෙක වගෙයි...දෙකෙන් නැවතුනොත් මදැයි...තෙවැනි ඇසකුත් පෑදෙයිද කියලයි බය.අනේ අම්මපා මේ සින්දුව වැරැද්ද සාධාරණීකරණය කරගන්න කියන එකක්.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>