ඔය මොකක්හරි ඩීවීඩි ඩ්රයිවරයක් නැති හරි කැඩිච්චහරි කොම්පියුටරෙකට වින්ඩෝස් දාන්ඩ ගියහම පෙන් එක බූටබල් කරගන්ඩ ඕන වෙනවනේ , එහෙම උනහම මං ඉතින් ජංජාලේ තියන තැනකින් ඕක බලාගන කරගන්නවා , ඒත් ඉතින් සන්තකේට තියන 32 පෙන් එක බූටබල් කරලා තියාගන්ඩ බැනේ , ඔය ඕන කරන සොෆ්ට්වෙයාර් කෑලිටික දාල තියාගන්නේ ඒ පෙන් එකේ හන්දා , ආයෙමත් පෙන්එක ෆෝමැට් කරලා බූටබල් කරන්ඩ කලින් බාපු තැනින් තිබිච්ච ටික පටව ගන්නවා.
ආයෙමත් වින්ඩෝස් දාන්ඩ ඕන උනහම පෙන් එක බූටබල් කරගන්නවා , මොකද 29 ජීබි පිරිල තියන හන්දා ඕස් එකක් දාල තියන්ඩ ඉඩක් නැ , වැඩේ කියන්නේ ඔන්න ඕන වෙලා හොයනකොට කලින් බලාගත්ත සයිට් එක හොයාගන්ඩ නැ , හම්බෙන්නේ වෙන එකක් , ඒකේ ක්රමය කලින් එකට වඩා වෙනස් , එක්කෝ තියෙන්නේ සොෆ්ට්වෙයාර් කෑල්ලකින් කරන විදිහ , හැමදාම මල වාතයක් , ඒක හින්දා මං මගේ ප්රයෝජනයට මේක මගේ බ්ලොග් එකේම ලියලා තියන්ඩ හිතුවා කාටහරි ඕන උනොත් බලාගන්ඩත් පුලුවන්නේ.
පෙන් එකකට මෙහෙම කරලා තිබුනට , ඉඩ තියනවනං අපිට ඕන වෙන දේවල් දාල තියාගන්ඩත් පුලුවන් , හැබැයි ඕ එස් එකට අදාල ෆයිල් ටික ෆෝල්ඩර් එකක් අස්සට නොදා එලියේ සේව් කරලා තියෙන්න ඕන, අනික තමයි බූටබල් පෙන් එකක් හදාගන්ඩ අවම තරමේ 8 ජීබි පෙන් එකක් ඕන , 4 ජීබි එකක් හරියන්නේ නැ ( මම මේ ෆෝටෝ ගහන්ඩ පාවිච්චි කලේ 4 ජීබී පෙන් එකක් ඒකට මුලා නොවන්න )
ඔන්න මෙහෙමයි වැඩේ වෙන්නේ
ඉස්සෙල්ලාම ඔයාගේ පෙන් එක මෙෂින් එකට ගහලා ෆෝමැට් කරන්න
ඊලගට ඉස්ටාට් බට්න් එක ක්ලික් කරලා cmd කියලා ටයිප් කරහම එන සී එම් ඩී එක උඩ රයිට් ක්ලික් කරලා ran as administrator ක්ලික් කරන්න
එතකොට ඔන් වෙන ක්මාන්ඩ් ෆෝම්ප්ට් එකේ list disk කියලා ටයිප් කරන්න
එතකොට පෙන්වනවා ඔයාගේ කම්පියුටරයේ තියන ඩිස්ක් ටික , එතනින් ඔයාගේ පෙන් එක සිලෙක්ට් කරගන්න ඕන , ටයිප් කරන්න select disk කියලා දාන්න ඩිස්ක් එකේ නම්බර් එක මගේනං 1
දැං clean කියලා ටයිප් කරලා එන්ටර් කරන්න
දැන් create partition primary කියලා ටයිප් කරලා එන්ටර් කරන්න
දැන් select paetition කියලා ටයිප් කරලා පෙන් එකට අදාල පාටිෂන් නම්බර් එකත් ටයිප් කරන්න මගේ නං 1
දැන් active කියලා ටයිප් කරලා එන්ටර් කරන්න
දැන් format fs=ntfs quick කියලා ටයිප් කරලා එන්ටර් කරන්න
අන්තිමට exit කියලා ටයිප් කරලා එන්ටර් කරන්න
දැන් ෆෙන් එක ඔටෝ රන් වෙයි , එකත් ක්ලොස් කරලා , ඔයාලග තියන dvd එකේ තියන ෆයිල් ඔක්කොම ටික පෙන් එකට කොපි කරන්න ,
දැන් ඉතින් ඊලගට මෙෂින් එක රීස්ටාට් කරලා BIOS වලට ගොහින් First Boot Device එක විදිහට පෙන් ඩ්රයිව් එක තෝරලා දෙන්න. Boot Priority වෙනස් කරන තැනට යන විදිහ කම්පියුටරයෙන් කම්පියුටරයට චූට්ටක් විතර වෙනස් , මගේනං esc බට්න් එකට මෙෂින් එක රීස්ටාට් වෙනකොට ගැහුවහම කෙලින්ම යනවා.
කරලා බලන්න ඩී වි ඩී එකකින් දානවට වැඩිය ඉක්මනට වින්ඩොස් දාන්න පුලුවන් පෙන් එකෙන්