දැං මේ මං අටහමාරට විතර ගෙදර එනගමං .... චුට්ටක් මොනවාහරි කරන්ඩ කියලා හිතලා දැල් කඩේ ගාවට ලංකරලා නවත්තලා අල්ලපු කඩේට ගිහින් සිකරට් අරං අනිත් පැත්ත හැරෙනකොට සිහිකල්පනාව නැතුව වාගේ මනුස්සයෙක් ...ඇවිත් බිස්ටල් දෙකයි බිඩි මිටියකුයි ඉල්ලුවා ....මං බයික් එක ගාවට ගිහින් සිකරට් එකක් පත්තු කරන ගමං ඒ පැත්ත බැලුවා ...සිල්ලර බඩු දාපු සිලි සිලි කවරයක් එක අතක එල්ලාගන වැලමිට ලගට ... කලිසමක් ඇදලා අත්දිග කමිසය වැලමිටින් උඩට නමලා .....මේසන් වැඩ කරන කෙනෙක් වාගේ ...අතපයවල හැටියටයි දාගන ඉන්න බාටා දෙකේ පාටටයි ....උඩ සාක්කුවෙන් එලියට ගත්ත පන්සීයේ කොලයකුයි ...තව සියේ පනහේ විස්සේ කොල ටිකකුයි .... පන්සීය වෙනමම නමලා ඉස්සෙල්ලම උඩ සාක්කුවට තට්ටුවක් දාල එහෙම ඉතුරු ටිකෙන් කඩේට සල්ලි දීලා එහෙම එලියට බහින කොටම ...තව කෙනෙක් ආවා ඉස්සරහට .......සරමක් ඇදලා කමිසයේ අත දෙපාරක් විතර නමලා ...... හම්පටි සෙරෙප්පු දෙකක් දාලා .... ටිකක් පිලිවලයි ....ෂර්ට් එකේ අස්සට අත දාගන සරමේ ඉන එහෙම හදලා ...එක අතකින් සරමේ ඉස්සරහට අත තියාගන එහෙම ආවේ.
‘‘ කෝ ගත්තද ‘‘
‘‘ මම කියුවේ මට විතරයි ගන්නෙ කියල ‘‘
‘‘ ඉතින් හෙට පඩියෙන් අඩු කරගන්ඩ කියල කියුවනේ ‘‘
එහෙම කියනකොට ...පොරගේ මූනේ තිබුනේ හිනාවක්ද ඒ වාගේ එකක්ද මන්දා ....හැබැයි ඒ මුහුනේ ..ලැජ්ජාව , දුක , අසරණ කමනං හොදටම පිරිලා තිබුනා
‘‘ යකෝ මේ වැඩෙත් පාඩුවට යන්නේ ...අන්තිම හරියට ගෙදරින් සල්ලි ගේන්ඩ වෙයි ‘‘
‘‘ ඉතින් මම හෙට දෙනවනේ ....උවමනාවක් හන්දනේ ‘‘
Alexander Pushkin and Mikhail Lermontov - Who Shared a Common Fate
-
*Ruwan M Jayatunge M.D. *
Alexander Pushkin and Mikhail Lermontov were Great Russian romantic poets
who lived in the 19th century. They knew each o...
2 hours ago