2012-08-31

නඩුකාරතූමියගේ ‍අඹ සාත්තූව


කොළඹට ආසන්න උසාවියක දැනට කාලයකට කලින් හිටියා නඩුකාර නෝනා කනෙක් , බොහොම සැරපරුෂයි , කාටවත් ගැලවිලා යන්න අමාරුයි.

 පොලිස් නිළධාරින් , බන්ධනාගාර නිළධාරින් එහෙම බොහොම ප්‍රවේසමෙන් තමයි ඒ මහත්මියත් සමග කටයුතූ කලේ. රාජ්‍ය නිළධාරින්ට උනත් එහෙම තමයි.

කාටවත් අසාධාරනයක් නොවෙන්න කටයුතූ කලා. වරදකරුවන්ට උපරිම දඩුවම් දුන්නා.

කාන්තා පාර්ශවය සම්බන්ධ නඩුවලදි ඒ කාන්තාවන්ට සාදාරණය ඉෂ්ඨකරලා දෙන්න එහෙම උනන්දුවෙන් කටයුතූ කලා.

නිළධාරින් ප්‍රමාණවත් නොවීම , වාහන නොමැති වීම වගේ ප්‍රශ්න හන්දා සමහරක් බන්ධනාගාරවල ක්‍රීයාත්මක කරන ක්‍රමයක් තියනවා,  ලොකප් එකක් තියන උසාවී වලට කලින් දවසේ හවස්  වරුවේ සැකකරුවන් බාරදලා එන ක්‍රමයක්.

අන්න ඒ රාජකාරියට ගිය බන්ධනාගාර නිළධාරියෙකූට වෙච්ච කරදරයක් තමයි මේ.

හවසට උසාවි යන නිළධාරින් නිළ ඇදුම් නොඇද යන සිරිතකූත් ඒ කාලයේ තිබුනා. මේ කියන දවසේ කතාවට අදාල නිළධාරියා කාකී කලිසමක් ඇදලා සෙරෙප්පු දෙකක් දාගන ෂර්ට් එකක් උඩින් දාගන සැකකරුවන් රැගෙන උසාවි ගියාලු.

අනිත් කට්ටියට ඇතූලට ගිහිල්ලා ආපු වැඩේ කරගන එන්ඩ කියලා මිනිහා පොල්ලකූත් හොයාගන ඇවිල්ලා උසාවිය මිදුලේ තිබුන රට අඹ ගහට පොලු ගහන්ඩ ගත්තාලු.

දැන් යාන්තන් පොලු ගහලා ගහලා ගෙඩි දෙකක් කඩාගත්ත පොර තව හොද වල්ලකට ට්‍රයි එකක් දෙනවාලු.

" මේ මේ තමුන් අහවල් බන්ධනාගාරයේ නිළධාරියෙක් නේද "

මළ හුට්ටප්පරයයි අපේ නඩුකාරනෝනා අවෙළාවේ උසාවී නිරික්ෂන චාරිකාවක් ඇවිත් , ටී පණස් හයක් ගත්ත ආරක්ෂක පොලිස් නිළධාරියත් එක්ක බන්ධනාගාර නිළධාරියාගේ පිටිපස්සේ.

තොල කට වේලිලා කක්කාබර හැදිච්ච බන්ධනාගාර නිළධාරියා අතේ තිබීච්ච පොල්ල පැත්තකට දාලා වෙව්ල වෙව්ළා 

" ඕ..ව්  මැ.. මැ ..ඩම් ''

2012-08-27

එකසිය තිහක්වත් ඒකක දෙනු මාමේ


හිච්චි එකා කාලේ මං ලොකු                 මාමේ
නහය දිග මාම අපේ මාමලු                  මාමේ
අහල පහල නැන්දල මාමල                   මා‍මේ
හෙට හොද වෙනව කියනව ඇහුනා      මාමේ

ඒ මාමට පස්සේ ආවනේ                      මාමේ
අර මාමාගේ පොඩි මාමා අපේ            මාමේ
පුළුටු ගදයි හැම පැත්තෙම බුදු              මාමේ
කියන්නැතුව එයා ගියේ ඇයි               මාමේ

පූරුවෙ පිනේ අරුමය පෙන්නල           මාමේ
සුදුසීයා මාම උනා ලොකු                     මාමේ
පතොල වල රහ මතකද සුදු                  මාමේ
උන්දැව මතකයේ වත් නැ බුදු              මාමේ

නැන්දෙක් ආව ගම රට පෙරලං           මාමේ
කරපු හරිය අමතක නැ අපේ               මාමේ
මාමා පැන්නේ නැත්තං මැද්දට           මාමේ
මෙවා කියන්නට මම නැ අපේ            මාමේ

ගණකම් රැවුලේ ලස්සන දැක්කම      මාමේ
මාමා කියපු එව්වා ඇහුවම                 මාමේ
ගැලවුම් කාරයා ඇවිල්ල අපේ           මාමේ
මාමා අපිට අපි මාමට බුදු                  මාමේ

චූන් වෙච්ච පාරට අපි ලොකු             මාමේ
දෙවරක් නොහිත දුන්නා ඡන්දය        මාමේ
ලොක්ක වෙච්ච දවසේ ඉදලා             මාමේ
කරපු දෙයක් පෙන්නාපං සුදු              මාමේ

2012-08-21

ලල්ලයි පූසී පැටියයි



ඔන්න ඉතින් ලල්ලා අර අපේ තාත්තගේ ජොකාට වැඩේ දුන්න දවස්වලම කොරපු හපන්කොමක්  තමයි මේකත්, අපේ ආතා රස්සාව කරලා තියෙන්නේ රජයේ වැඩ දෙපාර්තමේන්තූවෙනේ,දැන් ඉතින් අහපල්ලා මොකක්ද ඒකියලා.

(ඉස්සර රජයේ වැඩ දෙපාර්තමේන්තූවෙන් තමයි රටපුරාම තියන රජයේ ඉදිකිරිම් වැඩ කොරලා තියෙන්නේ.ඒ දෙපාර්තමේන්තූවේ ප්‍රධාන කර්මාන්තශාලාව තමයි දැන් ඔය රජයේ කර්මාන්ත ශාලාව කියලා කොලොන්නාව තෙල් බෙදාහැරිමේ මධ්‍යස්ථානය ඉස්සරහා තියෙන්නේ)

අපේ ආතා ඔය වැඩබිමකින් අරගනආපු පාවිච්චි කරපු ලොකු රේසර්රෝද (රෝලර් බෙයාරින්ග්) හතරක් , 2*2 පොලු කෑලී දෙකකට ගහලා, ඒ රෝදවලට පොඩි ලෑලී තට්ටුවකූත් ගහලා, ‍රෝද තියන එක පොලු කෑල්ලකට දිග සිහින් පොල්ලක් ගහලා , රෝද හරවන්ඩත් පුළුවන් විදිහට කරත්තයක් හදලා දීලා තිබුනලූ.

ළමයින්ට සෙල්ලම් බඩු කියලා ජාතියක් නැති  අනිත් ළමයි පොල්කොට කරත්ත පදින කාලේ ඒ වාගේ භාංඩයක් තියනවා කියන්නේ පට්ටම සීන් එකක් තමයි.

අපේ ලල්ලා ඉතින් ඔය අටමගලත් එක්ක තමයිලු මුළු දවස තිස්සෙම කාලය ගත කොරන්නේ.කට්ටිය ටොකු අනින හන්දා නොකර හිටියට බුදියන පැදුරට හරි අරගන යන තරමට ලල්ලට මේ කරත්තය නැතූව බැරි බඩ්ඩක් බවට පත් උනාලු.

ඔහොම ඉන්න අතරේ දවසක් පූස් පැටියෙකුත් කොහෙන්දෝ මන්දා කරත්තයට පටවාගන ලල්ලා ගෙදර ආවාලු.

2012-08-08

ලේ මල්ලට බඩු මල්ලක් ඉහලන්නට ලොකු කුඩයක්


 

දැනට අවුරුදු ගානකට කලින් දවසක ,පොද වැස්සක කෝච්චියේ වැඩට යනවා, කෝච්චියෙදි නොතෙමුනාට ස්ටේසමෙන් බැහැලා වැඩකරපු තැනට යන කොට ටිකක් විතර තෙමීලා.සුපුරුදු ලෙසම ලොක්කා තාම ඇවිත් නෑ.මගේ සහෝදර සේවකයාත් මම වගේම තෙමිලා.

!! ෂික් බලහන්කො අපිට එන්ඩ කියලා ලොක්කා තාම නැ,තෙමුනා මදිවට මේ අගූපිලට වෙලා හිරිකඩ කන්ඩත් එපැය දැන් !!

!! බැරි වෙලා හරි අපි පරක්කූ උනොත් තමා ගිරිය පුප්පගෙන කෑ ගහන්නේ !!

!! දැන් ඇවිල්ලා බයිලා ගොඩක් ගහයි !!

ඔහොම ලොක්කගේ පතුරු ඇර ඇර අපි දෙන්නා ඉන්න කොට එතනට ආවා බජාර් එකේ කකූලක්

!! ආ මල්ලිලා මොක්කද හීතලද , කාලා බීලා පුල් පිට් එකේ බෝල ගෙඩි දෙක වගේ ඉන්න එකේ නරකද ලේ ඩිංගක් දීලා පින් ඩිංගක් ගත්තනං යන තැනක් ඒකාලෝක වෙන්ඩ කියලා , නිකන්ද පෙරිය සයිස් පට්ට කූඩයකූත් දෙනවා බඩු මල්ලක් එක්කම , බෙරලියන්තූ මිසීලා පන්තියක් කට්ට ගහන්නෙ !!

(අනේ මුගේ අම්මට අපිනේ දන්නේ අපි කන හැටි)

!! කොහෙද අයියේ කූඩයක් දෙන්නේ !!

!! අයියෝ මල්ලි ඩේලි බජාර් බහිනවටත් ණයයිනේ , දන්නැද්ද වේළද සංගමේ දන්ෂැල , ලේ මල්ලට බඩු මල්ලක් ,මේ තියෙන්නේ ආතල් කූඩ පොඩ්ඩ !!

!! කො අයියේ බඩු මල්ල !!

!! පිටි පැකට් ,හාල් ,සීනි, පරිප්පු  දහයේ බෑක් එකක් කපලා !!

!! කෝ ඉතින් මල්ල !!

!! චැ චැ මල්ලි බණ කියුවහම සුත්තරේත් අහනවනේ, පොඩි ගානකට තට්ටු කරලා සෙන්ටි මෙන්ටල් වෙන්ඩයි යන්නේ !!

!! මේ උදේ පාන්දර !!

උත්තරයක් නොදීම කහපාට රතූපාට කූඩයත් ඉහලගෙන අයියා මාරු

!! අටමෝ අපිත් යමං, කූඩේම වටිනවා බර ගානක් !!

!! පිස්සුද බං ලොක්කා ඇවිත් ලබ්බ පොලවේ ගහගන කෑගහයි , ආවට පස්සේ කියලා යමං !!

ආවට පස්සේ යන තෑන මේ තියෙන්නේ කියලා යාළුවා ඇගිලි දෙකක් එකතු කරලා ඔක්කොටම මුල් වෙච්ච එක ලස්සනට මවලා පෙන්නූවා

ලොක්කා ආවට පස්සේ හිමිහිට ලොක්කට කිට්ටු කරපු යාළුවා

!! බොස්... හුගදවසකින් මට ලේ දෙන්ඩ බැරි උනා ගිහිල්ලා එන්නං !!

!! දැන් ලේ බැංකූ යන්ඩ පිස්සුද !!

!! නෑ බොස් වෙළද සංගමයෙන් කරන්නේ , රණවිරුවන්ට සෙත් පතලා රණවිරැවන්ටම ලේ දන්දීමක්, එහා ලේන් එකේ තියෙන්නේ !! 

මුළු රටම දන්න පින්කම අපි නොදන්නේ මොකද දන්නවද අපේ ලොක්කා ගාණකට තට්ටු වෙන හන්දා ඒ වෙළද සංගමයට නොබැදීම

!! ආ ගිහිල්ලා එනවා !!

!! බොස් මමත් යන්නං !!

!! ඔක්කොම ගියහම මෙතන කව්රුවත් නෑනේ !!

!! මරු කූඩයක් දෙනවලු බඩු මල්ලක් එක්ක . දවල් වෙන කොට ඉවර වෙයි !!

2012-08-05

බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ


අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ උන්දෑ ඔක්කොම දන්නවා කියලා.  ඒ උනාට නොදන්න මනුස්සයෙක්ට උනත් වචනයක් දෙකක් කතා කරහම තේරෙනවා මෝඩ ගෑණියෙක් කියලා. ඒ මනුස්සයත් එක්ක කතා කරහම අපේ ලේ රත්වෙනවා විතරයි, මේ කියන එක මේ නෑ කියනවා, එක එක තැන්වල එකක කියලා කොටවනවා,  මහ ලොකු පම්පෝරි ගගහ ගමවටේ ඇවිදින එක තමයි උන්දැගේ රස්සාව

දැන් ටික දවසකට කලින් වැඩකට නැති වැඩකට හෙණ සල්ලි ගොඩක් පොලීයට අරගන (ඒ මෝඩකම කරන්ඩ එපා කියලා උන්දැව දැනුවත් කරන්ඩ ගිහිල්ලා මමත් හොදට අහගත්ත නිසා මමත් ඒඋන්දැත් එක්ක කතා නොකර හිටියේ) ගෙවා ගන්ඩ බැරුව අන්ත අසරණ තත්වයකට පත්වෙච්ච මේ මනුස්සයට ඒක දිගට කරදර ගොඩක් සිද්ධ උනා. හැබැයි ඒ  හැම කරදරයක්ම එයාම විහින් දාගත්ත ලෙඩ නිසා අන්තිමට දරුවන්ටත් උන්දැව එපා උනා. ( ඇත්තටම උන්දෑ දරුවන්ට හරියට වදදෙනවා)  අන්තිමට කව්රුවත් උන්දැව ගනන් නොගන්න . හොයානොබලන තත්වයට විහින් පත්උනා. පව් ඉතින්.....


මේ ලගකදි දවසක ඒ ගෙදර පැත්තේ හෙන සද්දයක්, මොකක්ද කලබලය කියලා බලන්ඩ මමත් ඒ පැත්තට ගෑටුවා. ඒ මහ උන්දැව ගෙදර කට්ටියම එකතූවෙලා අල්ලගන ඉන්නවා, මහ උන්දැ අතපය දරදඩු කොරගන පිස්සු කියවනවා, ටික වේලාවක් සීන් එක රසවිදපු මං


!! ඇයි ඇයි මොකද වෙලා තියෙන්නේ !!


!! බලන්ඩකෝ අයියේ අම්මා බත්කකා ඉදලා එකපාරටම වැටුන දැන් හරියට සිහියක් පතක් නෑ !!


( මෙන්න යකෝ සිහියක් පතක් නැති ගෑණි හොර  ඇහිං මා දිහා බලනවා )


Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>